Tuesday, November 27, 2012




බෝ මැඩ වගුරන කිරි කළ දහසින් 
වැලි මළුවේ කිරි දියර ගලා යයි
ඉන් එක කිරි කඳුලක් පින්වතුනේ 
කිරට හඬන මගෙ බිළිඳුට දෙනු මැන...
පූජාසනයේ කුහුඹු පිරිස මැද 
පිලුණු වෙමින් යයි සුරස බොජුන්
අහරට යදිනා පැල්පත් යායට 
ඉන් බත් පිඩුවක් වීසි කරනු මැන...




1 comment:

  1. පින් කරන්න ඕනේ මේවා දකින්න...කොහේ ද මම කාමරේ අස්සේ දිග් ගැහිලා ඉන්නවා මිසක්කා කොහෙවත් යනවා කියලද....මල්ලි වැඩේ අලංකාරයි...

    ReplyDelete