හුඟාක් busy දවස් ටිකක්. ඇවිදිනවා ඇවිදිනවා ඉවරයක් නැහැ. ඒ අතරෙ තමයි කොලඹ, ගම්පහ, අනුරාධපුර ආදී නන් දෙසින් ෆ්‍රෙන්ඩාලා සැට් එක තකහනියක්ම වෙල්ලස්ස පුරවරයට ට්‍රිප් එකක් ආවෙ. කොරේ පිටට මරේ කිව්වාලු. 4 වෙනිදා හවස් වෙද්දි කොල්ලො ටික ආවා. මුන් ආපු එකේ ඉතින් ඔය තියෙන තියෙන මොනා හරි පෙන්නලා යවන්නත් එපෑය... 5 වෙනිදා උදේම වැඩ පටන් ගත්තා. ඒ කිව්වෙ රස්තියාදුව පටන් ගත්තා... කෝච්චිය අල්ලන්න දිව්වා දිවිල්ලක් රෙද්ද වෙලේ කිව්වාලු. කොහොම හරි කෝච්චියනම් අල්ල ගත්තා. තව පොඩ්ඩෙන් මිස් වෙනවා නෙවැ... ඇල්ලෙන් බැහැ ගත්තා. ගොඩයා "පුංචි සිරීපාදෙ" යන්න සෙට් කරලා. ඒ යන්න ඔන්න මෙන්න කියල තමයි කැම් එක අතට ගත්තෙ. හොඳට සූම් කරලා, ෆෝකස් කරලා ගත්තා ගොඩයගෙ ම පින්තූරයක්. හිතුවට වඩා සාර්තකයි වගේ වැඩේ. photoshop වලින් bokeh පාරකුත් ලාවට දැම්මා... ;-)
f-stop = f/5.8
exposure time = 1/60 sec.
ISO speed = ISO-400
focal length = 45mm
මරේ මරු ... මේක එඩිට් නොකර උනත් අගේට තිබ්බ එකක් නොවැ
ReplyDeleteඑඩිට් කිරිල්ලත් චාම්ව කොරල නිසා අගේට තියෙනවා